User Login

Registration

ඔබේ පෞද්ගලිකත්වය


අපගේ වෙබ් අඩවියට ගණුදෙනුකරුවෙකු ලෙස සහ අපගේ අන්තර්ජාලය භාවිතා කරන්නෙකු ලෙස, Find My Dream හි, ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අපි කැපවී සිටිමු. අප විසින් ඔබ පිළිබඳ එකතුකරගත් තොරතුරු, අප විසින් ඔබට ලබාදෙන සේවාවන් වඩාත් උපරිම කිරීමේ පරමාර්ථයෙන් භාවිතා කරමු. ඕස්ට්රේලියානු පුද්ගලිකත්ව ප්රතිපත්ති වලට අනුකූලව ඔබේ පෞද්ගලිකත්වය හා ඔබ විසින් සපයා ඇති තොරතුරු පිළිබඳ රහස්‍යභාවය උදෙසා අප ගරු කරනු ලැබේ. කරුණාකර පහත අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය කියවන්න.

ඔබෙන් එකතුකරගත් තොරතුරු


ඔබ අපගේ වෙබ් අඩවියට පිවිසෙන අවස්ථාවේදී හෝ අපගේ නිෂ්පාදන හෝ සේවාවන් භාවිතා කරන අවස්ථාවකදී; ඔබගේ නම, විද්‍යුත් ලිපිනය, පදිංචි ලිපිනය, දුරකථන අංකය, ක්‍රෙඩිට් කාඩ්පත් අංකය, බිල්පත් ලිපිනය, භූගෝලීය පිහිටීම, අන්තර්ජාල ප්‍රොටොකෝල් ලිපිනය, ඔබ පිළිබඳ තොරතුරු, විවාහ යෝජනා පිළිබඳ තොරතුරු, ඔබේ ඡායාරූප, ඔබ පිළිබඳ සමීක්ෂණ ප්‍රතිචාර, සහායක තොරතුරු, ඔබ පිළිබඳ අන්‍යයන් විසින් කරන ලද අදහස් සහ සමාජ මාධ්‍ය හැසිරවීම (පුද්ගලික දත්ත සමග) අප විසින් එක් රැස් කරගනු ලැබේ.

අපගේ සේවාවන් වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් වෙත යොමු කර නැති අතර, දැනුවත්ව එසේ වයස අවුරුදු 18ට අඩු අයෙකුගේ පුද්ගලික දත්ත එක්රැස්කරනු නොලැබේ. තවද එසේ වයස අවුරුදු 18ට අඩු දරුවෙකු ඔහුගේ පුද්ගලික දත්ත අපට සපයා ඇති බැව් අපට හැඟුනහොත්, හැකි ඉක්මනින් එම තොරතුරු අපගේ ගිණුමෙන් ඉවත් කරනු ඇත. ඔබ දරුවෙකුගේ දෙමව්පියන් හෝ භාරකරුනම්; ඔබේ දැනීමකින් තොරව එකී දරුවා සිය පෞද්ගලික තොරතුරු අප හා සම්බන්ධකර ඇතිබැව් හැඟීයත් නම්, කරුණාකර ඒ බැව් අපට දැනුම් දෙන්න. ඔබගේ පුද්ගලික දත්ත සමාලෝචනය, නිවැරදි කිරීම, යාවත්කාලීන කිරීම හෝ මකා දැමීම ඔබේ ගිණුමට ලොග් වීමෙන් ඔබ විසින්ම සිදුකිරීම හෝ අපව ඇමතීමෙන් සිදුකරගත හැකිය.

පෞද්ගලිකව නොවන හඳුනාගතහැකි තොරතුරු: අනන්‍යතාවය පිළිබඳ හදුනාගත හැකි වෙනත් තොරතුරු: අපගේ සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා සංයුක්තව හා නිර්නාමිකව එකතුකරගන්නා තොරතුරු එනම් අපගේ වෙබ් අඩවි පරිපාලනය කිරීම, වාර්තා සහ විශ්ලේෂණයන් සිදු කිරීම, අපගේ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රචාරණය කිරීම, පරිශීලක ඉල්ලීම් හඳුනා ගැනීමට හා පාරිභෝගික අවශ්‍යතා සම ලෙස සපුරාලීම සඳහා සහාය වීම සඳහත් අප විසින් භාවිතා කරනු ඇත.

පෞද්ගලිකව හඳුනාගතහැකි තොරතුරු


ඔබ සමඟ සන්නිවේදනය කිරීම, තාක්ෂණික සහාය සැපයීම, යාවත්කාලීන කිරීම් පිළිබඳ දැනුවත් කිරීම, ප්‍රයෝජනවත් අන්තර්ගතයන් හුවමාරු කිරීම, පාරිභෝගික තෘප්තිය මැනීම, ගැටළු හඳුනාගැනීම සහ පුද්ගලාරෝපිත වෙබ් අඩවි අත්දැකීමක් ලබා දීම සඳහා ඔබ විසින් අප වෙත ලබා දෙන තොරතුරු අප විසින් භාවිතා කරනු ලැබේ. අලෙවිකරණ සන්නිවේදනයන් ඔබට ලැබෙනුයේ ඔබ විසින් ඉල්ලුම් කර ඇත්නම් පමණි. අලෙවිකරණ සන්නිවේදනයන් ඔබට අවශ්‍ය නැත්නම් ඔබ කල යුත්තේ ඉන් ඉවත් වීම හෝ අපට ඊමේල් පණිවිඩයක් එවා ඉවත් කරන ලෙස දැනුම් දීමත්, එම පණිවිඩය ලද විගස අප විසින් ඔබව එම සේවාවෙන් නිදහස් කරනු ඇත.

සංවේදී තොරතුරු


ඕස්ට්‍රේලියානු පුද්ගලික ප්‍රතිපත්තීන්ට අනුකූලව වඩාත් ඉහල ආරක්ෂාවක් ලබාදෙන පෞද්ගලික තොරතුරු මීට ඇතුලත් වේ. සංවේදී තොරතුරු යන්න ඔබගේ වාර්ගික හෝ ජනවාර්ගික සම්භවය, දේශපාලනික මත, ආගම, වෘත්තීය සමිති හෝ වෙනත් වෘත්තීය සංගම් හෝ සාමාජිකත්වයන්, දාර්ශනික විශ්වාසයන්, ලිංගික හැසිරීම්, ලිංගික පුරුදු හෝ ලිංගික ජීවිත, අපරාධ වාර්තා, සෞඛ්‍යය තොරතුරු හෝ ජීව දත්ත තොරතුරු වේ. ඔබ ඔබේ ජීවිතය හා සම්බන්ධ සංවේදී තොරතුරු අප වෙත හුවමාරු කල යුත්තේ ඔබේ විවාහ යෝජනාව පිලිබඳ විස්තර පලකිරීමේදී එය වැදගත් වනු නිසා හෝ වෙනත් පරිශීලකයෙකු හා සන්නිවේදනය කිරීමෙහි ලා උදව්වන නිසාය. නිදසුනක් ලෙස, එකම ආගමේ කෙනෙක් ඔබ මුණගැසීමට කැමැත්තේනම් ඒබැව් ඔබ අනෙකාට පෙන්නුම් කල යුතුමය. ඔබ අපගේ වෙබ් අඩවියේ සාමාජිකයෙකු බවට පත් වූ විගස, ඔබේ කැමැත්තෙන් පළකරන ලද සංවේදී තොරතුරු අප විසින් භාවිතා කිරීම හෝ අනාවරණය කිරීම සිදු කෙරේ. එම තොරතුරු අප භාවිතා කරනුයේ එකී තොරතුරු ඔබෙන් රැස් කිරීමට හේතුවූ මූලික කරුණ සඳහා පමණක් හෝ මූලික කරුණ හා සම්බන්ධ වෙනත් ද්විතීක කරුණක් උදෙසා පමණකි. මෙවැනි සංවේදී තොරතුරු රැස් කිරීමේ මූලික කරුණ වන්නේ අප වෙබ් අඩවිය තුලින් සපයනු ලබන සේවාවන් එනම් අපගේ වෙබ් අඩවියේ විවාහ යෝජනාවන්ට පහසුකම් සැලසීම, සාමාජිකයන් විසින් විවාහ යෝජනා දැන්වීම් පළකිරීම සඳහා අවස්ථාව සලසාදීම, වෙබ් අඩවිය හා අපගේ අභ්‍යන්තර පණිවුඩ පද්ධතිය හරහා සන්නිවේදනය කිරීම, ඇමතීම හා එකිනෙකා මුණගැසීම යනාදිය ඉටුකිරීමටය. අපගේ වෙබ් අඩවියේ ඔබේ පෞද්ගලික හා සංවේදී තොරතුරු ඇතුලත් කරමින් පළකරන ලද විවාහ යෝජනාව පිළිබඳ දැන්වීම දැක ගැනීමට හැක්කේ අපගේ වෙබ් අඩවියේ සාමාජිකයින්ට පමණක් බව අප සහතික කිරීමට කැමැත්තෙමු. කෙසේ වෙතත්, ඔබේ කැමැත්ත අනුව සැමට දැකගත හැකි සේ ප්‍රසිද්ධියේ පලකරනු ලබන අයිතම එනම් බ්ලොග් අදහස් සහ අපගේ වෙබ් අඩවියේ වෙනත් සහතික කිරීම් සියලූම දෙනාට දැකබලා ගත හැක. ඔබ පසුව මෙම තොරතුරු ඉවත් කර ඇත්නම්, පිටපත් වෙනත් සංරක්ෂිත කරන ලද වෙබ් අඩිවීන්හි හෝ පිටුවල හෝ වෙනත් පාර්ශවයන් විසින් උපුටා ගන්නාලද ස්ථානවල තිබිය හැක.

සියලු සධාරන හේතු සලකා බලා අපගේ භුක්තියේ හා පාලනයේ ඇති ඔබේ සියලූම පුද්ගලික තොරතුරු අරක්ෂා කිරීම සඳහා අප කටයුතු කරනු ඇත. ඔබ විසින් සපයන ලද සියලු තොරතුරු අපගේ ආරක්ෂිත සේවා පද්ධතීන් තුල වඩාත් ආරක්ෂා සහිතව ගබඩා කර ඇත. ක්‍රෙඩිට් කාර්ඩ් හා සම්බන්ධ තොරතුරු සම්ප්‍රෙෂණයට පෙර සංකේතාත්මක කර ඇති අතර අපගේ සේවා දායකයින් විසින් එම දත්ත ගබඩා කරනු නොමැත. අපගේ සේවාවන් ලබා දීමට හැකියාව ලබා දීම තුලින් ඔබගේ පෞද්ගලික තොරතුරු අතුලුව අප විසින් ඔබ පිළිබඳ එකතු කරගන්නා ලද තොරතුරු ඕස්ට්‍රේලියවටත් එහා දේශ සීමාවන් හරහා අප විසින් ගබඩා කිරීම හා සැකසීම සිදු කෙරේ. ඔබගේ පෞද්ගලික දත්ත ඕස්ට්‍රේලියවෙන් පිටතදී සම්ප්‍රේෂනය කොට සකස් කර ඇත්නම්, එකී තොරතුරු ප්‍රමාණවත් ආරක්ෂාවක් සහිත රටවල් සඳහා පමණක් මාරු කරනු ලැබේ. ඔබට අපගේ සේවය අවශ්‍ය තාක් සය නීතිමය අවශ්‍යතවන් සඳහා මෙන්ම ආරවුල් විසඳීම සහ අපේ ගිවිසුම් බලාත්මක කිරීම සඳහ අප ඔබගේ තොරතුරු රඳවා තබාගනිමු. අපගේ ආරක්ෂාව උල්ලංගනය වී ඇති විටෙක, කඩ වී ඇති විටෙක හෝ ඔබගේ පෞද්ගලික තොරතුරු අස්ථාවර යැයි හැඟෙන විටෙක අදාළ නීතියට අනුකූලව අපි ඔබට වහාම දැනුම් දෙනු ඇත.

කුකීස් හා පික්සෙල්ස්


අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් හා දිගින් දිගට අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබ ඔබේ උපාංගය මත කුකීස් ස්ථාපනය කිරීමට එකඟ වී ඇත. ඔබ අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන විගස කුකීස් ප්‍රතික්ෂේප කිරීම මගින් කුකීස් ඉවත් කල හැක. කෙසේ වෙතත්, මෙමගින් වෙබ් අඩවියක උපරිම ප්‍රයොජන ගැනීම වළක්වනු ඇත. කුකීස් යනු ඔබ භවිතා කරනු ලබන වෙබ් බ්‍රව්සරයෙහි අඩංගු එක් කුඩා ලිපිගොනුවක් වන අතර එමගින් ඔබ වෙබ් බ්‍රව්සරයේ හැසිරීම පිළිබඳ පරීක්ෂා කරයි. කුකීස් භාවිතය, සහ මනාපයන් සඳහා එහි වින්යාසය සකස් කිරීම සඳහා වෙබ් අඩවියකට ඉඩ සලසයි. කුකීස්, ඔබේ පරිගණකයේ හෝ වෙනත් පුද්ගලික දත්තවල ගබඩා කර ඇති තොරතුරු (උදා. නම, ලිපිනය, ඊමේල් ලිපිනය හෝ දුරකථන අංකය) පරිහරනය නොකෙරේ. බොහෝ වෙබ් බ්‍රව්සරයන්, කුකීස් ස්වයන්ක්‍රීයව පිළිගන්නා නමුත් ඔබේ බ්‍රව්සරයේ සැකසුම වෙනස් කිරීම මගින් කුකීස් ප්‍රතික්ෂේප කල හැකිය. අපගේ වෙබ් අඩවියේ තදබදය විශ්ලෙෂණය කිරීම සඳහා කුකීස් භාවිතා කරන අතර සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමේ හා රුචිකත්වය දැන්වීමේ ක්‍රියාකරිත්වය සැපයීමට හා වඩාත් හොඳ වෙබ් අඩවි අත්දැකීමක් ලබා දීමට ද උපකාරී වේ. ඊට අමතරව, වෙබ් අඩවියට පිවිසෙන්නන් සඳහා වෙනත් තෙවන පාර්ශවීය දැන්වීම් එනම් ගූග්ල් දැන්වීම් සහ ෆේස්බුක් දැන්වීම් වැනි දැන්වීම් වලට සේවය සැපයීමට කුකීස් හා පික්සෙල්ස් භාවිතා කෙරේ. මෙවැනි දැන්වීම් අප වෙන් අඩවියේ හෝ ඔබ පිවිසෙන වෙනත් වෙබ් අඩවීන්හි දක්නට ඇත.

වෙනත් තෙවන පාර්ශවයන් සමඟ ඔබේ තොරතුරු හුවමාරු කිරීම


පුද්ගලික දත්ත හෝ ඕනෑම පාරිභෝගික තොරතුරක් සමග ගනුදෙණු කිරීමක් හෝ විකිණීමක් අප විසින් සිදු නොකෙරේ. ඔබේ පුද්ගලික දත්ත පිළිබඳ තොරතුරු, නීතිමය කරුණක් උදෙසා නියම කරනු ලැබුවහොත්, ඔබ විසින් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා සඳහා, ගණුදෙනු සැකසීම හෝ අපගේ වෙළඳ ලකුණු සහ වෙනත් නීතිමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා, තෙවන පාර්ශව සැපයුම්කරුවන් වෙත අනාවරණය කරනු ලැබේ. එලෙස, ඔබගේ පෞද්ගලික තොරතුරු, අපහට සේවා සපයන වෙනත් පාර්ශවයක් වෙත අනාවරනය කරනුයේ අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති හා අදාල නීතීන්ට අනුකූලව කටයුතු කිරීමට එකී පාර්ශවය එකඟ වී ඇත්නම් පමණි. තෙවන පාර්ශ්වයන් සමඟ ඇති කරගන්නා ලද කොන්ත්‍රත් පදනම් මත අප ඔබේ තොරතුරු අනාවරනය කලේද, වෙනත් කවර හෝ කාර්යයක් සඳහා ඔබේ පුද්ගලික තොරතුරු කිසිවක් භාවිතා කිරීම අප ඔවුනට තහනම් කර ඇත.

ඔබේ තොරතුරු හෙළිදරව් කිරීම


නීති, නියාමනයන්, උසාවි නියෝග, තාවකාලික නඩු පැවරීම, වරෙන්තුවක්, නඩු පැවරිමේදී හෝ නීතිය ක්රියාත්මක කිරීමේ ආයතනයකට ප්රතිචාරයක් වශයෙන් ඔබගේ පෞද්ගලික දත්ත ඇතුලුව වරින් වර අපි සමහර තොරතුරු හෙළි කළ යුතු/ අනාවරණය කල යුතුය. එසේම www.findmydream.com.au හි අපගේ ගනුදෙනුකරුවන් හෝ තෙවන පාර්ශවයන්ගේ අයිතීන්, දේපල හෝ ආරක්ෂාව රැක ගැනීම උදෙසා ඔබගේ පුද්ගලික දත්ත අප භාවිතා කරනු ඇත. අපගේ යම් ව්‍යාපාරයක පාලනයේ වෙනස්වීමක් ඇති වේ නම් (ඒකාබද්ධ කිරීම, විකිණීම, වත්කම් පැවරීම හෝ වෙනත් ආකාරයකින්) ඔබේ පෞද්ගලික දත්ත ඇතුළත් පාරිභෝගික තොරතුරු, රහස්යතා ගිවිසුමක් යටතේ මිලදී ගන්නා පුද්ගලයාට පැවරිය හැකිය. අපි ඔබේ පුද්ගලික දත්ත හුදෙක් යහපත් ස්වභාවයකින් හෙළිදරව් කරනු ලබන අතර ඉහත සඳහන් ඕනෑම තත්වයකින් අවශ්ය වේ. ඉහත සඳහන් ඕනෑම තත්වයක් යටතේ අපි ඔබේ පුද්ගලික දත්ත හුදෙක් යහපත් ස්වභාවයකින් පමණක් හෙළිදරව් කරනු ඇත.

වෙනත් වෙබ් අඩවින් වෙත පිවිසුම් මාර්ග සැකසීම


මෙම වෙබ් අඩවිය ඇතැම් අවශ්‍යතා සඳහා වෙනත් වෙබ් අඩවි හා සම්බන්ධ කර ඇත. ඒ ඔබේ පහසුව සඳහා පමණකි. එවැනි තුන්වැනි පාර්ශවයෙකුගේ වෙබ් අඩවියක් අප වෙබ් අඩවිය හා සම්බන්ධ කිරීම, අප වෙබ් අඩවියට අනුග්‍රහකත්වය සැපයීමක් හෝ සයතික කිරීමක් හෝ අනුමත කිරීමක් බැව් පළ නොකෙරේ. එවැනි වෙනත් වෙබ් අඩවිවල පෞද්ගලිකත්ව භාවිතයන් සම්බන්ධයෙන් අපි වගකිව යුතු නැත. එවැනි වෙබ් අඩවීන් වෙත යොමුවන සෑම විටෙක ඔබගේ පෞද්ගලික තොරතුරු ලබාගනීමට ඔවුනට හැකි බැවින් ඔවුන්ගේ පුද්ගලික ප්‍රතිපත්තීන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස අපගේ වෙබ් අඩවි පරිශීලකයින් දැනුවත් කිරීමට කැමැත්තෙමු. අපවෙබ් අඩවියේ සඳහන් පෞද්ගලික ප්‍රතිපත්තීන් අපගේ වෙබ් අඩවිය උදෙසා පමණක්ම වේ.

පෞද්ගලිකත්ව ප්‍රතිපත්තීන් වෙනස් කිරීම / යාවත්කාලීන කිරීම


අපගේ අපගේ පවතින පෞද්ගලිකත්ව ප්‍රතිපත්තීන් පවත්වා ගැනීමට අප කටයුතුකරන අතර ඇතැම් විටෙක එය වෙනස් කිරීමට භාජනය කල හැක. ඕනැම අවස්ථාවක අපගේ පෞද්ගලික ප්‍රතිපත්තීන් මෙලෙස වෙනස් කිරීමට භාජනය කල හැකි අතර අප වෙබ් අඩවිය භාවිතා කරන ඔබ ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කල යුතුය.

අප අමතන්න.


අපගේ පෞද්ගලික ප්‍රතිපත්තින් පිළිබඳ හෝ ඔබගේ පුද්ගලික දත්ත භාවිතය පිළිබඳව ඕනෑම මොහොතක ඕනෑම ප්රශ්නයක් හෝ කනස්සල්ලක් තිබේ නම්, findmydream.com.au ඔස්සේ අපව අමතන්න. අප ඔබට පැය 48ක් ඇතුලත ප්‍රතිචාර දක්වනු ඇත.