User Login

Registration

භාවිතයට උපදෙස්


Findmydream.com.au යනු එකිනෙකා මුණගැස්සවීම සඳහා සකස් කරනලද වෙබ් අඩවියකි. ඔබට තවත් අයෙකුගේ තොරතුරු විමසීමට හෝ වෙනත් අයෙකු සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වේ නම් ඔබ විසින් මෙම වෙබ් අඩිවියේ සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වී තිබීම අනිවර්ය වේ.්ය වේ.

ඔබ විසින් පලමුව අප වෙබ් අඩවියේ ගිණුමක් විවෘත කිරීම අනිවාර්ය අතර, අපගේ වෙබ් අඩවියට පිවිස ඔබේ සිතැගි පරිදි අනෙකුත් සාමාජිකයන් හා ලිපි හුවමාරු කරගැනීම සඳහා සාමාජිකයෙකු වීමට සුදුසු ගෙවීම් දායකත්වයක් තෝරා ගත යුතුය.

සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වීමේ ගස්තු ගෙවීම මාස 1ක්, මාස 3ක් නැතහොත් මාස 6ක් සඳහා ලෙස ලබාගත හැක. මෙමගින් ඔබට අපගේ සේවාවන්ට පූර්ණ ප්‍රවේශය ලබා දෙමින් අපගේ වෙබ් අඩවි ද්වාරය ඔබට විවෘත කෙරෙනු ඇති අතර ඔබේ සාමාජික පැතිකඩ නිර්මාණය කිරීමට හා පළ කිරීමට සහ අපගේ අභ්‍යන්තර පණිවිඩ පද්ධතිය හරහා අනෙකුත් සාමාජිකයන් සමඟ සන්නිවේදනය කිරීමට හා තොරතුරු හුවමාරු කරගැනීමට ඔබට හැකියාව ලැබේ.

ඔබේ සාමාජිකත්වය සඳහා ගෙවීම් කල කාලසීමාව ඉකුත් වූ පසු ඔබට අපගේ වෙබ් අඩවියට හා අපගේ අභ්‍යන්තර තොරතුරු හුවමාරු පද්ධතිය සඳහා පිවිසීමට නොහැකි අතර නැවත අපගේ සේවාවන් ලබාගැනීම සඳහා අදාල සාමාජික ගාස්තු ගෙවමින් ඔබගේ ගිණුම යාවත්කාලීන කරගත යුතුය. කල් ඉකුත් වී මාස තුනක් අතුලත ඔබ ගෙවීම් සිදු නොකලහොත් ඔබේ සාමාජික ගිණුම මකා දැමිය හැකිය. කල් ඉකුත් වී මාස තුනක් අතුලත ඔබ ගෙවීම් සිදු නොකලහොත් ඔබේ සාමාජික ගිණුම මකා දැමිය හැකි අතර ඔබේ තොරතුරුද අහිමිවනු ඇත. එසේ වුවහොත් ඔබට නව ගිණුමක් නිර්මානය කිරීමට සිදුවනු ඇත.

අපගේ සාමාජිකයින්ගේ සම්බන්ධතා තොරතුරු අපි ප්‍රකාශයට පත් නොකරමු. තවදුරටත් වෙනත් සාමාජිකයන් හා සම්බන්ධකම් පවත්වාගැනීමට උනන්දුවක් දක්වන්නේනම්, ඔබේ අනෙකුත් තොරතුරු හුවමාරු කරගැනීම හා හමුවීම් සඳහා අපගේ අභ්‍යන්තර පණිවිඩ පද්ධතිය හරහා සහ තත්‍ය කාලීන කතාබස් පහසුකම හරහා එකී තොරතුරු හුවමාරු කරගැනීමට ඔබට හැකියාව ඇත.

ක්‍රියාත්මක වන ආකාරය


Findmydream.com.au යනු ඔබගේ සහකරු හෝ සහකාරිය සොයා දීම පිණිස නිර්මානය කලාවු වෙබ් අඩවියකි. මෙහි ලියාපදිංචි සාමාජික්යින්ගේ තොරතුරු බැලීමට හෝ කෙනෙක් හා සම්බන්ධවීමටනම් මෙම වෙබ් අඩවිය හා ලියපදිංචි වීම අනිවාර්ය වේ.

ඔබට නොමිලේ ලියාපදිංචි විය හැකිය. මෙමගින් ඔබ පිලිබඳ තොරතුරැ ප්රදර්ශනය කිරීමට සහ අනිකුත් සාමාජික සමාජිකාවන් හා සම්බන්ධවීම සඳහා සීමිත ප්රවෙශයක් ලබා දෙනු ඇත.

ඔබට අවශ්ය පරිදි ලියාපදිංචිවීම පැකේජ ක්රමයට මාස 1, 3 හෝ 6 වශයෙන් ලබා ගත හැක. අපගේ සියලුම සේවාවන්ට පූර්ණ ප්රවේශයක් ලබාදෙනු ඇති අතර අපගේ වෙබ් අඩවිය සහ අභ්යන්තර පණිවුඩ පද්ධති හරහා වෙනත් සාමාජිකයන් සමග සන්නිවේදනය කිරීමට හැකිවනු ඇත.

තවද අප වෙබ් අඩවියේ ඉහළ කොටසේ ඔබේ දැන්වීම පලකිරීම සඳහාද අවස්ථාව සලසා ඇත. අප වෙබ් අඩවියේ ලියපදිංචි ඔබට අතිරේක මුදලක් ගෙවා මේ සේවාව ලබාගත හැක. මෙය උක්ත සඳහන් කල මාස 1, 3 හෝ 6 වශයෙන් පැකේජ ක්රමයට ලියපදිංචි වූවන්ට තවත් අමතර සේවාවක් ලෙස පිරි නැමේ.

ඔබේ ලියාපදිංචිය ලබාගත් කාල සීමාව ඉකුත් වී ඇත්නම් අපගේ වෙබ් අඩවියට හා අපගේ කිසිදු සේවාවක් තුලට ප්රවේශ විය නොහැක. එසේ ඔබගේ පෙර ලියාපදිංචි පැකේජය ඉකුත් වූ විට නැවතත් නව ලියාපදිංචියක් ලබාගත හැකිය.

අප සාමජිකයින්ගේ සම්බන්ධවියහැකි දුරකථන අංක ආදී තොරතුරු අප විසින් ප්රකාශායට පත් නොකරමු. ඔබට අවශ්යනම් ඔබේ තොරතුරු අපගේ අභ්යන්තර පණිවුඩ පද්ධතිය හරහා අබට අවශ්ය සාමාජිකාවන් හා හුවමාරු කර ගත හැකිය.

අර්ථ දැක්වීම්


"අන්තර්ගතය" යන්නෙන් අදහස් කරනුයේ කවර හෝ ද්රව්යයක්, ලිපිනයන්, වචන, පින්තූරද ඇතුලුව, නමුත් සාමාජිකයෙකුට ඉදිරිපත් කළ හැකි ඕනෑම අන්තර්ගතයක් හෝ වෙබ් ලිපිනයකට සීමා නො වේ.

“සාමාජිකයා” යන්නෙන් අදහස් කරනුයේ අපගේ සේවාවන් භාවිතා කිරීම සඳහා සාමාජිකයෙකු බවට පත් වන ඕනෑම පරිශීලකයෙක් වේ.

"සේවාවන්" යන්නෙන් අදහස් කරනුයේ අපගේ වෙබ් අඩවිය හා අභ්යන්තර පණිවුඩ පද්ධතිය හරහා ඔබේ අවශ්යතාවය පිළිබඳ තොරතුරු ප්රකාශය හා සන්නිවේදනය කිරීමටත්, අනෙකුත් සාමාජිකයන් හා ඇමතීම සහ සම්බන්ධවීමත්ය.

"අපි", "අප" යන්නෙන් අදහස් කරනුයේ findmydream.com.au (ABN 661 482 731 54) වෙබ් අඩවිය සහ මෙහි අධ්යක්ෂකවරුන්, සේවකයින් සහ අනුබද්ධිත ආයතන වේ.

“website” means www.findmydream.com.au.
“වෙබ් අඩවිය” යන්නෙන් අදහස් කරනුයේ findmydream.com.au වේ.

"ඔබ" යන්නෙන් අදහස් කරනුයේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම අමුත්තෙක් හෝ පරිශීලකයෙක් වන අතර, සියළුම සාමාජිකයන් ද ඇතුළත් වේ.

සාමාජිකත්වය


Findmydream.com.au සාමාජිකත්වය පහතින් දැක්වෙන නියමයන් හා කොන්දේසිවලට යටත් වේ:

1. සාමාජිකයකු වීමට නම් අවම වශයෙන් 18 සම්පූර්ණ කලයුතු අතර සහ වයස අවුරුදු 70 ට අඩු විය යුතුය.

2. ඔබ සපයන සියලු තොරතුරු සත්ය, නිවැරදි, සම්පූර්ණ සහ යාවත්කාලීන වන බවට ඔබ වගබලා ගත යුතුය. ඔබගේ තොරතුරු යාවත්කාලීන කිරීම ඔබට ඕනෑම අවස්ථාවක කළ හැකි අතර පවතින තොරතුරුවල යම් වෙනස්කමක් සිදුකරන්නේනම් ඒ පිළිබඳ අපව දැනුවත් කිරීම ඔබගේ වගකීමයි.

3. ඔබ ඔබෙ ගිණුමට අතුල්වීමට භාවිතා කරනු ලබන මුරපදය/ රහස් අංකය සහ පිවිසුම් තොරතුරු වෙනත් අයෙකු සමග බෙදා ගැනීම හා වෙනත් අයට ඔබේ ගිණුමට ඇතුල්වීමට ඉඩ සැලැස්වීම සිදු නොකල යුතුය; සහ

4. ඔබ වෙනත් පුද්ගලයෙකුට ඔබගේ ගිණුම පැවරීම හෝ වෙනත් අයෙකුගේ නමට මාරු කිරීම නොකල යුතුය.

ඔබ මෙහි සාමාජිකයෙකු වී අපගේ සේවාවන් අත්විඳීමටනම්, අපගේ වෙබ් අඩවියේ ගිනුමක් ආරම්භ කරමින් අප හා ලියාපදිංචි විය යුතුය. අපගේ වෙබ් අඩවියට ප්රවේශ වීමටනම් මුලින්ම දිස්වෙන පෝරමයේ ඔබේ නම, උපන් දිනය, ස්ත්රී පුරුෂ භාවය, ලිපිනය සහ විද්යුත් ලිපිනය යන මූලික තොරතුරු සැපයිය යුතුය. ඔබ සපයන පෞද්ගලික තොරතුරු සත්ය, නිවැරදි, සම්පූර්ණ සහ යාවත්කාලීන විය යුතුය. ඔබගේ අනන්යතාවය තහවුරු කරගැනීම සඳහා ඔබ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා සිටීමට අපට අයිතියක් ඇත.

ගෙවීම්


වෙබ් අඩවියට පූර්ණ ප්‍රවේශය ලබා ගැනීම සඳහා, ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය වන අතර සුදුසු සාමාජිකත්ව ගෙවීම් විකල්පයක් තෝරාගෙන අදාල ගාස්තු ගෙවා ඔබ සාමාජිකයෙකු විය යුතුය.ිලේ.

වෙබ් අඩවියට පූර්ණ ප්‍රවේශය ලබා ගැනීම සඳහා අදාල ගෙවීම් මාස 1, 3 හෝ 6ක් ලෙස සිදු කල හැකි අතර අදාල ගාස්තු ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් හෝ පේපෑල් මගින් කල්තියා ගෙවීම් කළ යුතුය.

ඔබ විසින්ඔබගේ ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් හෝ වෙනත් ගෙවීම් විස්තර ලබා දීමෙන්, ඔබ හෝ අපි පහත සඳහන් අවලංගු කිරීමේ නියමයන්ට අනුකූලව ඔබේ සාමාජිකත්වය අවලංගු නොකළහොත්, ඔබේ ගිණුමෙන් සියලුම ගාස්තු පුනරාවර්තන පදනමින් අඩු කිරීමට ඔබ අපට බලය පවරනු ඇත. තවද, අප වෙබ් අඩවිය තුළ හෝ හරහා කිසිදු ගෙවීමක් සිදු නොකරන අතර ක්‍රෙඩිට් කාඩ් තොරතුරු වෙබ් අඩවියේ ගබඩා නොකරනු ඇත. අපගේ වෙබ් අඩවියේ ඇති සියලුම ගනුදෙනු සඳහා අපි ආරක්ෂිත ගෙවීම් තාක්ෂණයක් සහිත වෙනත් තෙවන පාර්ශවීය ගෙවීම් සකසනයක් භාවිතා කරනු ඇත.

ඔබගේ සාමාජික ගාස්තු ගෙවීමට අසමත් වුවහොත් හෝ ඔබගේ ගාස්තු ගෙවීම කල් ඉකුත්වී ඇත්නම්, අප විසින් සිහි කැඳවීමක් එවනු ලබන අතර ඔබේ ගෙවීම වහාම සිදු නොකළේ නම්, ඔබේ දායකත්වය අවලංගු වන අතර ඔබට සම්පූර්ණ වෙබ් අඩවිය භාවිතා කිරීමට ප්‍රවේශය නොලැබේ. ඔබගේ සාමාජික ගිණුම පවතිනු ඇති නමුත් ඔබට කිසිදු තොරතුරු හුවමාරුවක් හෝ හෝ අන්තර්ජාල පිළිසන්දරක් පැවැත්වීම ඇතුළුව අපගේ සේවාවන් වෙත ප්‍රවේශ විය නොහැක.

ආපසු ගෙවීම්


ඕස්ට්රේලියානු පාරිභෝගික නීතිය (ACL) 2010 ප්රකාරව පාරිභෝගික හා තරඟකාරීත්ව පනත යටතේ සඳහන් හේතු හැරුණු කොට කිසිදු මුදලක් අපසු ගෙවනු නොලැබේ. බැහැර කළ නොහැකි, සීමා කරන ලද හෝ වෙනස් කළ නොහැකි සේවාවන් සම්බන්ධයෙන් ආපසු ගෙවීම් සිදු කිරීමට ඇතැම්විට ACL විසින් ඔබට අයිතිවාසිකම් ලබාදිය හැකිය. නිදසුනක් ලෙස, වෙබ් අඩවියට පිවිසිමේදී මතුවියහැකි දෝෂ හෝ වෙබ් අඩවියට පිවිසීමෙන් පසු දැන්වීම් පළ කිරීමට නොහැකි තාක්ෂණික දෝෂ ඇතිවේනම් එවැනි අවස්ථාවලදී එ පිළිබඳ සොයා බලා ආපසු ගෙවීම් සිදුකරන අතර තාක්ෂණික දෝෂය සුළු වුවහොත් හෝ කෙටි කාලසීමාවක් සඳහා නම්, අප විසින් විකල්පයක් ලෙස ඔබට සේවා සැපයීම නැවත ලබා දෙනු ඇත. ඔබ සාමාජිකත්වය අවලංගු කරන්නේ නම් හෝ අප විසින් ඔබේ සාමාජිකත්වය අක්රීය කරන්නේනම් ලියාපදිංචි ගාස්තු සහ දැන්වීම් ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.

අන්තර්ගතය


ඔබේ ගිණුමේ සියලුම අන්තර්ගතයන් හා ඔබ විසින් පල කල සියලු දැන්වීම් සඳහා සහ ඔබ විසින් වෙනත් සාමාජිකයෙකුට හෝ වෙනත් පරිශීලකයෙකුට හෝ වෙනත් තුන්වන පාර්ශවයක් වෙත හුවවාරු කරන ලද සියලු දැන්වීම් හා තොරතුරු පිළිබඳ වගකීම හුදෙක්ම ඔබ සතුවේ. ඒ සඳහා අප වගකියනු නොලැබේ. තොරතුරු ඇතුලත් දැන්වීමක් නිර්මාණය කිරීමේදී මුලිකව අවශ්ය වන්නේ මුල් නම, වයස, රැකියාව, පුරවැසිභාවය, ඔබ පිළිබඳ කෙටි හැඳින්වීමක් සහ ඔබ සොයන්නේ කවර ආකාරයේ සහකරුවෙක්/සහකාරියක්ද සඳහන් කල යුතු අතර ඊට අමතරව ඔබේ අභිමතය පරිදි ආගම සහ කුලය, ජාතිය මෙන්ම ඔබ පිලිබඳ වෙනත් සංවේදී තොරතුරු ආදිය පළකල හැකිය. එලෙස සංවේදී තොරතුරු පළකිරීමට පෙර කරුණාකර අපගේ පෞද්ගලික ප්රතිපත්ති හා නියමයන් කියවා බලන්න. ඔබගේ අවසන් නම, ඇමතිය හැකි තොරතුරු, උපන් දිනය හෝ ඊමේල් ලිපිනයක් ඇතුලත් නොකිරීමට වගබලාගත යුතුය.

පහත සඳහන් ආකාරයේ තොරතුරු / ක්රියාවන් අපගේ වෙබ් අඩවිය හරහා හුවමාරු නොකර සිටීමට ඔබ විසින් වගබලාගත යුතුය.

• අපහාසාත්මක, අපවාදාත්මක, අශික්ෂිත, අහංකාර, පිළිකුල් සහගත, බිය ගැන්වීමේ, තර්ජන, සොරකම් කිරීම, නොමඟ යැවීම හෝ නීති විරෝධී ක්රියාවන්;
• ඔබේ නොවන අන් අයගේ නිරුවත පෙන්නුම් කරන ඡායාරූප නිරූපණය කිරීම;
• බියවද්දනසුළු හිරිහැර සහගත ලිපි පළ කිරීම;
• තුන්වන පාර්ශවයන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීම; හෝ
• වෙනත් ඕනෑම නීතියක් කඩ කිරීම

ඔබ විසින් අපගේ වෙබ් අඩවියට තොරතුරු ඇතුලත් කරමින් සඳහන් කරනුයේ

• එම තොරතුරු භාවිත කිරීමට, නැවත සකස් කිරීමට, බෙදා හැරීමට, තොරතුරුවලින් කොටසක් හෝ සම්පූර්ණ අන්තර්ගතය ප්රකාශයට පත් කිරීම හා අනුවර්තනය කිරීමටත්;
• කවර ආකාරයෙන් හෝ අන්තර්ගත කරුණු ප්රසිද්ධියේ ප්රවර්ධනය කිරීම, අනුමත කිරීම හෝ අලෙවි කිරීමටත්
• ඉහත සඳහන් කවරක් හෝ ළගාකරගැනීම සඳහා ඕනෑම ක්රියාවක් සිදු කිරීම හා ඉටු කිරීමටත් අපට බලය ලබා දෙන බවයි.

ඊට අමතරව, 1968 කොපිරයිට් පනතට අනුව (අවශ්යනම් පමණක්) "සදාචාරත්මක අයිතිය" පිළිබඳ වගකිව යුතුය.

සාමාජිකත්වය සඳහා වූ ගිවිසුම


අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීම සඳහා ඔබ පහත සඳහන් කරුණු කියවා ඊට එකඟ විය යුතුය.

අප විසින් කරනුයේ සාමාජිකයන් හා සන්නිවේදන කටයුතු කිරීමට, මුණගැස්සවීමට හා එවැනි මුණගැසීම් සඳහා ප්රතිචාර දැක්වීම සඳහා පහසුකම් සැපයීමක් පමණි. එහිදී අතිවෙන සම්බන්ධතවයන් කෙරෙහි හෝ මුණගැසීම් හෝ වෙනත් කිසිදු ක්රියාවලියකට අප මැදිහත් නොවන අතර ඒ සඳහා අපගේ වගකීමක් නොමැත.

• සාමන්ය සේවාවන්ට අමතරව කිසිම සාමාජිකයෙකුට විශේෂාකාරයෙන් සැලකීමට අප බැඳී නැත.
• අපගේ සේවා භාවිතා භාවිතා කිරීමේ අවධානම ඔබ සතු වේ. ඔබ අපගේ සේවාවන් භාවිතා කරනුයේ කෙසේද ඒ අනුව ඇතිවන කිසිදු පැනයකදී අප විසින් කිසිදු සාමාජිකයෙකුට වග කියනු නොලැබේ.
• ඔබ ඔබේ ආරක්ෂාව පිණිස පෞද්ගලික තොරතුරු ප්රවේශමෙන් භාවිතා කිරීමට වග බලා ගත යුතුය.
• ඔබ වෙනත් සාමජිකයෙකු හා සම්බන්ධ වීමට පෙර ඔහු හෝ ඇය විසින් පල කර ඇති විස්තර පිලිබඳ ඔබ විසින්ම සොයා බැලිය යුතුය. කිසිදු සාමාජිකයෙකු විසින් පළකර ඇති තොරතුරු අසත්ය හෝ වැරදි හෝ නොමග යවනසුළු නම් ඒ පිලිබඳ අප වගකියනු නොලැබේ.
• ඔබ කිසිදු අයෙකු හා අපහාස කිරීම්, තර්ජන, හිරිහැර, වංචාසහගත ක්රියා, අපයොජන ක්රියා වැනි ක්රියවන්හි නිරත නොවෙමින් අපගේ සේවාව යහපත් විශ්වාසයකින් යුතුව භාවිත කරනු ඇතැයි අප විශ්වාස කරමු. අපගේ නීති උල්ලංගනය කලහොත් දඩුවම් විදීමට එකග වියුතුය.
• ඕනෑම අපරාධයක් හෝ වෙනත් නීති විරොධී ක්රියාවක් හෝ කිසිදු අධිකරණ නීතියක් උල්ලංඝනය නොකිරීමට ඔබ එකඟ වේ.

• ඕනෑම අපරාධයක් හෝ වෙනත් නීති විරොධී ක්‍රියාවක් හෝ කිසිදු අධිකරණ නීතියක් උල්ලංඝනය නොකිරීමට ඔබ එකඟ වේ.

ඔබ තවදුරටත්

අපගේ සේවාවේ ඔබ වෙනත් පුද්ගලයෙකු ලෙස, වෙනත් නමක් හෝ නීත්යානුකූලව භාවිත කල නොහැකි නමකින්, ව්යාජ අනන්යතාවයක් නිර්මාණය කරමින්, හෝ මූලාරම්භය ලෙස වෙනත් අයෙකුගේ නමක් භාවිත කිරීම;

• ඔබ විසින් දැනුවත්ව වෙනත් සාමාජිකයෙකුහට හෝ වෙනත් පරිශීලකයෙකු හට, නොගැලපෙන, නොමග යවන, අසත්ය තොරතුරු ලබා නොදීමට; සහ
• ඔබ අපගේ සේවාව භාවිතා කිරීමේදී සෘජු හෝ වක්ර ලෙස සිදුකරනු ලබන අකටයුතුකම් පිළිබඳ වෙනත් සාමාජිකයෙක් විසින් හෝ වෙනත් තුන්වන පාර්ශවයක් විසින් පැමිණිලි කලහොත් ඒ සඳහා ඔබ විසින් අපට වග කිව යුතු වේ.
සියළුම පරිශීලකයින් තවදුරටත්:

• අපගේ වෙබ් අඩවිය හෝ වෙනත් පරිගණක මෘදුකාංග හා දෘඩාංගවල ක්රියාකාරිත්වයට බාධාවන, හානි වන හෝ සීමා කලහැකි කිසිදු විනාශකාරී ක්රියාවක් එනම් වයිරස් සහිත ලිපිගොනු, සංකේත හෝ වැඩසටහන් එකතු කිරීම, වෙනස් කිරීම වැනි දෑ සිදු නොකරන බවටත්
• අපගේ සේවාවන් කිසිසේත් සෘජුව හෝ වක්රව හෝ කිසිදු ආකාරයක නීති විරෝධී, නුසුදුසු හෝ වෙනත් අරමුණක් සඳහා භාවිතා නොකරන බවටත් ඔබ විසින් වගකිව යුතු වේ.

නිෂ්ප්‍රභා කිරීම


අපගේ සේවාව ඔස්සේ සාමාජිකයන් සිය අභිමතය පරිදි වෙනත් සමාජිකයන් හා සම්බන්ධවීමේදී එහි අවධානම ඔවුන් සතු වේ. අපගේ වෙබ් අඩවිය හරහා සිදු කරනු ලබන සියලුම සබධතාවයන්, සන්නිවේදන කටයුතු, මුණගැසීම් පිළිබඳව මෙන්ම සාමාජිකයන් හා හුවමාරු කරන ලද ඇමතිය හැකි තොරතුරු හා පෞද්ගලික තොරතුරු පිළිබඳ කිසිදු පාලනයක් හෝ අධීක්ෂණයක් අප සතුව නොමැත.

සාමාජිකයන් හා පරිශීලකයන් අතර ඇතිවන අදහස් හුවමාරුවීම්, විවාහ යෝජනාවන්, මුණගැසීමක් හෝ හිතවත් කම් හෝ ගිවිස ගැනීම් පිළිබඳ කිසිදු වගකීමක් නොමැත. අප විසින්, සමාජිකයන් හා සම්බන්ධවීමට, තොරතුරු හුවමාරු කරගැනීමට, එකිනෙක මුණ ගැස්සවීමට අව්ශ්ය පහසුකම් සැපයීම පමණක් කරනු ලැබේ. අපි ඔබේ දැන්වීම සඳහා ධනාත්මක ප්රතිචාරයක් හෝ වෙනත් කිසිඳු ප්රතිචාරයක් ස්ථීරවම ලැබෙනවා යැයි සහතික කරනු නොලැබේ.

අපගේ වෙබ් අඩවියට හෝ වෙනත් සාමාජිකයෙකු හා ඔබගේ පෞද්ගලික හා සංවේදී තොරතුරු හුවමාරු කිරීමේදී වඩාත් ප්රවේසම් සහගත විය යුතුය. / ව්න්න. ඔබ අපගේ වෙබ් අඩවිය තුළ භාවිතා කරන ලද හෝ පළකරන ලද තොරතුරු පිළිබඳ අප වගකියනු නොලැබේ. වෙනත් සාමාජිකයින්ට ඔබ ගැන පුද්ගලික හෝ සංවේදී තොරතුරු අප වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි අතර එකී තොරතුරු ඔබව විරුද්ධව හා ඔබට හානි කිරීමට යොදා ගත හැකිය. අපගේ වෙබ් අඩවිය තුල වෙනත් සාමාජිකයන් විසින් අහිතකර හෝ අනවශ්ය දෑ පළ කිරීමට ඉඩ ඇති අතර එම දැන්වීම් හා ඔබේ ගිණුමද නිරවරණය වීමද විය හැකිය. එබැවින් ඔබ වඩාත් වඩාත් ප්රවේසම් සහගත විය යුතුය.

ඔබ අපගේ සේවාවන් හා වෙබ් අඩවිය හරහා පළ කරන ලද ඔබගේ පුද්ගලික හා සංවේදී තොරතුරු ඇතුලත් දැන්වීම ඔස්සේ වෙනත් සාමාජිකයෙකු හෝ පරිශීලකයෙකු හා ඇති කරගන්නා ලද සබදතාවයක්, අත්දැකීම්, මුණගැසීම් තුලින් සෘජුව, වක්රව කිසිදු ආකාරයක පරස්පර හා විශේෂ අවස්ථාවන්හිදී ඔබට හානියක් හෝ හානියක් සිදුවීමට ඇතිවිය හැකි හානිකර කටයුත්තකදී අප වග කියනු නොලැබේ. එහෙත් අලාභ හා හානිකර සිදුවීම් ඉහත කී දැට සීම නොවේ එනම් කායික හානි, මරණය සහ / හෝ මානසික හෝ චිත්තවේගීය හානි සහ ඕනෑම මූල්යමය හානීන් ද ඇතුලත් වේ.

මෙම වෙබ් අඩවියේ ඕනෑම දැන්වීම්කරුවෙකු හෝ භාණ්ඩ හා සේවා සපයන ඕනෑම තෙවන පාර්ශවීය සැපයුම්කරුවන් සමග සබදතාවයක් නොමැති අතර සහ වෙනත් ආශ්රිත සේවා සපයනුලබන තෙවන පාර්ශවයනන්ට ද අප වග කියනු නොලැබේ.

වගකීම සීමා කිරීම


ACL: අප විසින් අප ඔබට සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් සමහර නීති මගින් 2010 පාරිභෝගික හා තරඟකාරීත්ව පනත යටතේ ඕස්ට්රේලියානු පාරිභෝගික නීතිය (ACT) සහ ෙවනත් සමාන පාරිභෝගික ආරක්ෂණ නීති සහ රෙගුලාසි ඇතුළුව; හිමිකම්, වගකීම් සහ ඇපකර ඉවත් කළ නොහැකි, තහනම් හෝ වෙනස් කළ නොහැකි (ව්යවස්ථාපිත අයිතිවාසිකම්) . ඔබට ලබාදිය හැකිය.

අපගේ වගකීම; ඕස්ට්රේලියානු පාරිභෝගික නීතිය-ACL සහ මෙම නියමයන් යටතේ පමණක් පාලනය වේ. ඔබගේ ව්යවස්ථාපිත අයිතිවාසිකම් හැර පාරිභෝගික/චාරිත්ර/රේගු, නීති හෝ ප්රඥප්ති මගින් දක්වා ඇති සියලු කොන්දේසි සහ වගකීම් අපි බැහැර කරමු/ අප විසින් ඉවත් කරනු ලැබේ.

ඔබගේ ව්යවස්ථාපිත අයිතිවාසිකම් හැරුණු විට, කිසිම ආකාරයක සහතික කිරීමකින් තොරව අප වෙබ් අඩවිය මගින් ප්රකාශිතව හෝ ව්යංගයෙන්; ඔබට සපයා ඇති සේවාවන් සඳහා; අප වග කියනු නොලැබේ.

ඔබ, අපගේ සේවාවන් ඔස්සේ ඔබට දැරීමට සිදුවන හානිය හෝ අපහසුතා සඳහා අපගේ සේවාව නැවත ලබාදීමට අප සම්පුර්ණයෙන් බැඳී සිටින අතර, හෝ නැතහොත් විකල්පයක් වශයෙන් එවැනි අවස්ථාවලදී එ පිළිබඳ සොයා බලා ආසන්නයේදී කරන ලද ලියාපදිංචි ගාස්තු සහ/ හෝ දැන්වීම් ගාස්තු ආපසු ගෙවීම් සිදු කිරීමට බැඳී සිටිනු ඇත.

ඔබට, මෙම වෙබ් අඩවිය සතු කවර හෝ තොරතුරක් භාවිතා කිරීමට ඇති හැකියව හෝ භාවිතා කිරීමට නොහැකි වීම/ අසමත් වීම පිළිබඳවද මෙම වගකීම සීමා කිරීමේ වගන්තිය තුලින් පැහැදිලි කෙරේ. අපගේ සේවාවන් පරිශීලනය කිරීමේදී ඔබ අවදානමක් දැරිය යුතු අතර එසේ වෙබ් අඩවිය පරිශීලනය කිරීම හෝ කවර සේවාවක් මත රැඳී සිටීම පිළිබඳ අප විසින් වගකියනු නොලැබේ. වෙබ් අඩවිය යාවත්කාලීනව හා නිවැරදිව තබා ගැනීමට අප උත්සාහ දරන අතර, මෙහි පලකර ඇති දැන්වීම් පිලිබඳ සම්පූර්ණත්වය, නිවැරදිතාව, විශ්වාසනීයත්වය, යෝග්යතාව/ගැලපීම හෝ යම් විශේෂ කාර්යයක් සඳහා ලබාගතහැකිය යන්න ප්රකාශිතව හෝ ව්යංගයෙන් අප කිසිදු වගකීමක් හෝ නියෝජනයක් දරන්නේ නැති අතර සියලු සේවාවන් සපයනුයේ ඔබගේ දැනගැනීම පිණිස වේ. එලෙස තොරතුරු මත විශ්වාසය තැබීමේ අවධානම ඔබ සතු වේ.

තෙවන පාර්ශ්ව බුද්ධිමය දේපල අයිතිවාසිකම් හැර අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීම සම්බන්ධයෙන්; ඔබේ හෝ වෙනත් තෙවන පාර්ශවයකගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීම; හෝ ඔබ විසින් සෘජු හෝ වක්ර ලෙස දැරීමට සිදුවන පිරිවැයන්, අයිතිවාසිකම් කඩවීම්, අලාභ හානි හෝ වෙනත් අපහසුතා සඳහා අපගේ සේවාව නැවත ලබාදීමට අප විසින් තවදුරටත් බැඳී සිටිනු ඇත.

මෙම නියමයන්හි අයිතිවාසිකමක් හෝ විධිවිධානයක් අපට අනුගමනය කිරීමට හෝ ක්රියත්මක කිරීමට අපට නොහැකි වුවහොත් එකී නියමයන් අතහැරීමක් නොකල යුතුය.

ඉහත කොන්දේසි වල ප්රතිඵලයක් ලෙස කිසිදු ආයතනයක්, හවුල්කාරිත්වයක්, හවුල් ව්යාපාරයක් හෝ රැකියා උත්පාදනය කිරීමක් නිර්මාණය නොවන අතර ඒ සඳහා කවර ආකාරයකින් හෝ අපට බලපෑම් කිරීමට ඔබල බලයක් නොමැත.

වෙබ් අඩවිය සහ අන්තර්ගතය නවීකරණය කිරීම


ඕනෑම අවස්ථාවක සහ කාලයෙන් කාලයට/ වරින් වර වෙබ් අඩවියෙහි අන්තර්ගතය හෝ වෙබ් අඩවිය ඉවත් කිරීම, මකා දැමීම, සමාන දෑ හෝ වෙනස්කමකට භාජනය කිරීමේ අයිතිය අප සතුව ඇත. විශේෂයෙන්, අප විසින් අන්තර්ගතය නුසුදුසු බව හැඟුනහොත්, රෙගුලාසි උල්ලංඝනය වී ඇත්නම්, පැමිණිලි ලැබීම හෝ වෙනත් හේතුවක් මත දැනුම්දීමකින් තොරව අපගේ සධාරණ හේතු සලකා බලා ඕනෑම අවස්ථාවක අන්තර්ගතය ඉවත් කිරීම හෝ වෙනස් කිරීම කළ හැකිය. එවැනි හදිසි වෙනස් කිරීමක් අවශ්ය වූ විටෙක, ඔබට හෝ වෙනත් තුන්වැනි පාර්ශවයකට අප වගකියනු නොලැබේ.

තවද, ඕනෑම අවස්ථාවක සහ කාලයෙන් කාලයට කිසියම් සාමාජිකයෙකු හෝ විශේෂිත සාමාජිකයන් සමඟ ඔබගේ සම්බන්ධතාවය සීමා කිරීමට, හැකියාව අප සතුව ඇත. උදාහරණ: ඔවුන් ඔබේ වයස් සීමාව ඉක්මවා ඇත්නම්, වෙනස් මනාපයන් හෝ වෙනත් විශේෂ ක්රියාවක් හේතුවෙන්.

අපගේ වෙබ් අඩවියේ සේවාවන් හරහා ඔබේ අවශ්යතාවයන් සපුරාලන බවට හෝ අපගේ සේවාව අඛන්ඩව, ආරක්ෂිතව හෝ දෝෂ රහිතව පවතියි යන්න අප සහතික නොකරනු ඇත. අපගේ වෙබ් අඩවිය; සෑම විටෙකම පරිශීලනය කලහැකි වයිරස් වලින් තොරව පවත්වගැනීමට අප උපරිමයෙන් උත්සාහ කරන අතර නමුත් වරින් වර සහ ඇතැම් අවස්ථාවලදී එය අපගේ පාලනයෙන් බැහැර ගිය විට අපට පාලනය කිරීමට අපහසු වනු ඇත. ඕනෑම දිගු සහ අසාමාන්ය කාල පරිච්ඡේදයක් සඳහා වෙබ් අඩවියට පිවිසීමට අපහසුනම්; ඒ පිළිබඳ අප ඔබට දැනුම් දීමට කටයුතු කරනු ඇත.

බුද්ධිමය දේපළ


අප විසින් භාවිතා කරනු ලබන රූප, අයිකන, ලාංඡන සහ සේවා නාමයන් සියල්ල අපටම අයිති ප්රකාශන හිමිකම් ඇති අපගේම ලියාපදිංචි වෙළඳ ලකුණු වේ.

මෙම වෙබ් අඩවියේ ඇති අනෙකුත් සියලුම වෙළඳ ලකුණු හෝ සේවා සලකුණු ඒවායේ අයිතිකරුවන් සතු වේ. අප සේවාව හා භාවිතා කරනු ලබන කුමන වෙළඳ ලකුණක් හෝ සේවා සලකුණක් හෝ ලාංඡන සහ/ හෝ අපෙෙග් නාමය හෝ ෙවනත් වෙනත් ඕනෑම දෙයක් භාවිතා කිරීම සඳහා ඔබට හැකියාවක් නොමැත.

මෙම වෙබ් අඩවියේ පවතින යම් දෙයක් ඔබට ලබා ගැනීමට අවශ්යතාවයක් ඇතිවුවහොත් ඒ සඳහා ලිඛිත අවසරයක් ගතයුතු අතර, මෙකී නියමයන්ට විරුද්ධව ක්රියා කලහොත් හෝ අපගේ නීති උල්ලංගනය කලහොත් එකී එක් එක් නීතිය යටතේ දඩුවම් පමුනුවනු ඇත.

සේවාවන් අත්හිටුවීම / අවලංගු කිරීම


ඔබේ සාමාජිකත්වය අවලංගු කිරීම සඳහා: අපගේ වෙබ් අඩවිය හරහා ඔබගේ සාමාජිකත්වය අවලංගු කිරීමේ වගකීම ඔබ සතුය. ඔබ එය කළ යුත්තේ ඔබේම ගිණුම හරහා වන අතර එහිදී ‘ගිණුම් මකන්න’ යන බොත්තම භාවිතයෙන් ඔබේ ගිණුම අවලංගු කල හැකිය. එහිදී ඔබගේ තොරතුරු, ගිණුම සහ රූප අපගේ දත්ත ගබඩාවෙන් මකා දැමෙනු ඇත. ඔබේ ගිණුම මකා දැමීමෙන් අනතුරුව, පේපෑල් හරහා ඔබේ පුනරාවර්තන හර ගෙවීම අවලංගු කිරීමේ වගකීමද ඔබ සතුය.

ඔබ නැවතත් අපගේ වෙබ් අඩවිය හා සේවාවන් සමඟ සම්බන්ධ වීමට කැමති නම්, ඒ සඳහා ඔබට නව ගිණුමක් ආරම්භ කිරීමට සිදුවන අතර, ඔබේ තොරතුරු නැවත ඉදිරිපත් කිරීමට සහ ඔබ ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන ඕනෑම දැන්වීමක් පෙර පරිදි නිර්මාණය කිරීම අවශ්‍ය වේ.

ඔබගේ ගිණුම අවලංගු වූ විටෙක අප විසින් කිසිදු සාමාජික ගාස්තුවක් හෝ දැන්වීම් ගාස්තු ආපසු ගෙවීමක් සිදු නොකරමු.

අපගේ අභිමතය පරිදි ඕනෑම අවස්ථාවක ඔබගේ සාමාජිකත්වය අවලංගු කර ඔබගේ ගිණුම අවසන් කළ හැකිය. ඔබේ පැතිකඩෙහි හෝ අපගේ වෙබ් අඩවිය හරහා ඔබ සපයන ලද තොරතුරු අසත්‍ය, සාවද්‍ය හෝ අසම්පූර්ණ හෝ ඔබ කිසියම් කොන්දේසි උල්ලංගනය කිරීමක් සිදුකර ඇති බවට හෝ අපගේ මතය අනුව ඔබ අපගේ වෙබ් අඩවිය පිරිසිදු අරමුණකින් යුක්තව භාවිතා නොකරන්නේයැයි සැක කිරීමට අපට සාධාරණ හේතු තිබේ නම්. ඔබේ ගිණුම හා අපගේ වෙබ් අඩ්විය හරහා ඔබට ලබාදී තිබූ සියලුම සේවාවන් ඉවත් කිරීමට අපට අයිතියක් ඇත. තවද, ඉදිරි කාලයේදීද අපගේ සේවාවන් භාවිත කිරීම ඇහිරීමක් සිදු කල හැකිය.

අප වෙබ් අඩවිය අනිසි ලෙස භාවිතා කිරීම, අපගේ පොදු සේවාවන් පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන ආකාරයේ හා නියමයන් වෙනස් කරමින් හොඉ උල්ලංගනය කරමින් භාවිතා කිරීම පිළිබඳ පැමිණිලි ලැබුනහොත් අපි ඔබේ සාමාජිකත්වය අවලංගු කර ඔබේ භාවිතය සහ වෙබ් අඩවියට පිවිසීම නතර කළ හැකිය.

හේතුව කුමක් වුවත්, එලෙස ගිණුමේ වැඩ අවසන් කිරීමෙන් පසු, වෙබ් අඩවිය භාවිතා කිරීමට ඔබට ඇති අයිතිය වහාම නතර වන අතර, ඔබගේ ගිණුම සහ ඊට අදාළ සියලු තොරතුරු සහ ලිපිගොනු වහාම අක්‍රිය කර මකා දැමිය හැකි බවට ඔබ පිළිගෙන හා එකඟ වනු ඇත. එමෙන්ම අපගේ වෙබ් අඩවියට තවදුරටත් පිවිසීමේ හැකියාව අප වළක්වනු ඇත. අප විසින් සිදුකරනු ලැබූ එවැනි අත්හිටුවීමක් හේතුවෙන් නැතිවූ ලිපිගොනු, පුද්ගලික තොරතුරඋ හෝඉ වෙනත් අලාභහානි සම්බන්ධයෙන් අපි ඔබට හෝ වෙනත් තුන්වන පාර්ශවයකට බැඳී නොසිටිමු. එවැනි අත්හිටුවීමකදී ඔබ විසින් ගෙවන ලද සාමාජික ගාස්තු හෝ දැන්වීම් ගාස්තු ආපසු ගෙවීමටද අප බැඳී නොමැති බවටද ඔබ දැන සිටිය යුතුවේ.

පාලන නීතිය


මෙම නියමයන් වරින් වර බලාත්මක වන වික්ටෝරියාගේ නීතිය යටතේ ක්රියාත්මක වන අතර මෙහි සඳහන් නියමයන්හි ඇතිවෙන ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් වික්ටෝරියා අධිකරණයේ සුවිශේෂී අධිකරණ බලය සඳහා අප (ඔබ සහ මම) එකඟ විය යුතුය.